
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිතය සහ ඒවායේ සේවාවන් සැපයීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාමර් අද (සඳුදා) නිවේදනය කළේය.
අන්තර්ජාලය ඔස්සේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලොව පුරා රජයන් වෙත එල්ල වෙමින් පවතින දැඩි බලපෑම් හමුවේ බ්‍රිතාන්‍යය මෙම දැඩි තීරණය ගෙන තිබේ.
මෙම නව තහනම යටතට ස්නැප්චැට්, ටික්ටොක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ එක්ස් (X) වැනි ප්රමුඛ පෙළේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවන් ඇතුළත් විය හැකි බව වාර්තා වේ.
මෙයට අදාළ පළමු රෙගුලාසි මාලාව 2027 වසරේ වසන්ත සෘතුවේදී (Spring 2027) බලාත්මක කිරීමට නියමිතය.
පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාව විසින් සම්මත කරන ලද සන්ධිස්ථානීය ළමා ආරක්ෂණ නීති මාලාව ආදර්ශයට ගනිමින් බ්‍රිතාන්‍යය මෙම නව ක්‍රමවේදය සකස් කිරීමට සැලසුම් කර ඇත.
කෙසේවෙතත්, දරුවන්ට විශේෂයෙන්ම හානිකර යැයි සැලකෙන විශේෂාංග සඳහා අතිරේක සීමාවන් පනවමින් ඔස්ට්‍රේලියාවටත් වඩා ඉදිරියට යෑමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
ඒ අනුව වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් සඳහා සජීවී විකාශන (Live streaming) නැරඹීම/සිදු කිරීම සහ නන්නාඳුනන පුද්ගලයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය කිරීම (Communication with strangers) සම්පූර්ණයෙන්ම අවහිර කෙරෙනු ඇත.
වයස අවුරුදු 16 සහ 17 පසුවන යෞවනයන් සඳහා ද මෙම ආරක්ෂිත පියවරයන් ස්වයංක්‍රීයවම (By default) සක්‍රීය කිරීමට නීති සකස් කෙරේ.
මීට අමතරව, බාලවයස්කරුවන් වෙනුවෙන් රාත්‍රී කාලයේදී සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ නිමක් නැතිව තිරය ඉහළට හෝ පහළට ස්ක්‍රෝල් කිරීම (Infinite scrolling) පාලනය කිරීමේ පියවරයන් කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇත.
“අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් සහ පුළුල් ආරක්ෂිත පියවරයන් ක්‍රියාත්මක කරමින්, අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය නැවත ලබාදීම සඳහා ලොව වෙනත් කිසිදු රටකට වඩා අප ඉදිරියට යනවා” යැයි අග්‍රාමාත්‍ය ස්ටාමර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.
ජනමාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සමාජ මාධ්‍ය මඟින් දරුවන් අසතුටට පත්කරන බවත්, ඒවා නිර්මාණය කර ඇත්තේම මිනිසුන්ව ඊට ඇබ්බැහි කරවන ආකාරයෙන් බවත්ය.
තමා මෙම තීරණය ඉතා සැහැල්ලුවෙන් නොගත් බව ද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart