
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පැවැති තීරණාත්මක තරගයකින් සාම්ප්‍රදායික පසමිතුරු පකිස්ථාන කණ්ඩායම ලකුණු 64කින් පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව ආරම්භ කිරීමට සමත් විය.
එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 18,814 දෙනෙකු පැමිණ සිටි අතර, එය කාන්තා T20 ලෝක කුසලාන මූලික වටයේ තරගයක් සඳහා පැමිණි ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් වැනි ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
මෙය ඉන්දියාව විසින් ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානයට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.
ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 2ක් ලකුණු 36කට බිඳ වැටුණ ද, ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිති මන්දනා පකිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව දියත් කළ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දියාව තරගයට අවතීර්ණ විය.
පාකිස්ථාන පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය උඩපන්දුවලින් උපරිම ප්‍රයෝජන ගත් මන්දනා පන්දු 34කදී සිය අර්ධ ශතකය සපුරා ගනිමින් ලකුණු 68ක් රැස්කළාය.
ඇයට අගනා සහයක් දුන් නායිකා හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 36ක් රැස් කළ අතර, ඉනිමේ අවසාන භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ රිචා ගෝෂ් පන්දු 17කදී නොදැවී ලකුණු 34ක් ලබා ගනිමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමුවාය.
ලකුණු 171ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත සියලුම කඩුලු දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 106ක් පමණි.
පාකිස්ථාන ඉනිමේ මුල් පන්දුවාර කිහිපය තුළ මුනීබා අලි වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පවර්ප්ලේ පන්දුවාර 6 තුළ ලකුණු 52ක් ලබාගැනීමට කණ්ඩායමට සහාය දුන්නාය.
කෙසේවෙතත්, ඉන්දීය දඟපන්දු යවන්නියන් ක්‍රියාත්මක වීමත් සමඟ පාකිස්ථාන ඉනිමේ ලකුණු වේගය අඩාල විය. මුනීබා අලි ලකුණු 41කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයෑමකට ලක්විය.
අනතුරුව ක්‍රියාත්මක වූ ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩිකා දීප්ති ෂර්මා පකිස්ථාන පසුපෙළ සුණු විසුනු කරමින් සිය ජාත්‍යන්තර T20 ක්‍රිකට් ජීවිතයේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය.
ඇය ලකුණු 10කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්ථාන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළාය.
ඇයට අමතරව ශ්‍රී චරණි ලකුණු 21කට කඩුලු 3ක් බිඳහෙළුවාය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, ඔවුන්ගේ මීළඟ තරගය ලබන බදාදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
පාකිස්ථානය එදිනම සන්ද්‍යාවේ දකුණු අප්‍රිකාව සමඟ තරග වැදීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart