
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයිනේ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන සරම්ප වසංගතය මර්දනය කිරීම සඳහා ඉන්දීය රජයේ ‘අසල්වැසියාට මුල් තැන’ ප්‍රතිපත්තිය යටතේ හදිසි වෛද්‍ය ආධාර තොගයක් එරටට පරිත්‍යාග කර තිබේ.
මේ යටතේ සරම්ප සහ රුබෙල්ලා මර්දන එන්නත් මාත්‍රා 20,000ක් ඇතුළු ටොන් 3කට ආසන්න වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගයක් මාලදිවයින වෙත කඩිනමින් පිටත් කර හැරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කලාපීය ආපදාවලදී සහ හදිසි අවස්ථාවලදී පෙරමුණ ගන්නා විශ්වාසවන්තම රටක් ලෙස ඉන්දියාව මෙම සහයෝගය ලබා දුන් බවයි.
එමෙන්ම, මෙම වෛද්‍ය ආධාර තොගයට එන්නත්වලට අමතරව අත්‍යවශ්‍ය ඖෂධ, සිරින්ජර්, රෝග විනිශ්චය කට්ටල සහ වෙනත් වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.
මාලදිවයින තුළ සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ යෑමත් සමඟ එරට සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දී ඇති දැඩි බලපෑම අවම කිරීමටත්, එරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ශක්තිමත් කිරීමටත් මෙම ආධාර බෙහෙවින් උපකාරී වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන්දියාවේ ‘අසල්වැසියාට මුල් තැන’ ප්‍රතිපත්තිය මෙන්ම ‘මහාසාගර්’ දැක්ම යටතේ ද මාලදිවයිනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය සහ පොදු අරමුණු වෙනුවෙන් මාලදිවයින සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දියාව නිරන්තරයෙන් බැඳී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය 2021 වසරේදී මාලදිවයින සරම්ප රෝගයෙන් සම්පූර්ණයෙන්ම මුදවාගත් රටක් ලෙස නිල වශයෙන් සහතික කර තිබුණද, වසර කිහිපයකට පසු එරටින් නැවතත් සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වීම විශේෂත්වයකි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart