
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් විශේෂ වැටලීමකට ලක් කර තිබේ.
මෙම වැටලීමේදී, පාරිභෝගික පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස අලෙවියට තබා තිබූ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් විය.
එම භාණ්ඩවල ආනයනකරුගේ තොරතුරු, උපරිම සිල්ලර මිල, කාණ්ඩ අංකය, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දිනයන් මෙන්ම අඩංගු ද්‍රව්‍ය පිළිබඳ කිසිදු අත්‍යවශ්‍ය තොරතුරක් පාරිභෝගිකයාට කියවිය හැකි පරිදි සඳහන් කර නොතිබීම විශේෂත්වයකි.
පාරිභෝගික නීති රෙගුලාසිවලට පිටින් යමින්, මෙම භාණ්ඩවල අන්තර්ගතය හෝ භාවිත කරන ආකාරය පිළිබඳ කිසිදු විස්තරයක් සිංහල හෝ දෙමළ භාෂාවෙන් සඳහන් කර නොතිබූ අතර, ඒවායේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම සමන්විත වී තිබුණේ විදේශීය භාෂාවලින් පමණකි.
දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයින් ද නොමඟ යවමින් සිදුකරන මෙම ක්‍රියාව නිසා, පාරිභෝගිකයින්ට එම ආහාර ද්‍රව්‍යවල අන්තර්ගතය පිළිබඳව හෝ ඒවා භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වන බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.
නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ විස්තර සහ අනිවාර්ය නීතිමය තොරතුරු නොමැතිව මෙලෙස ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වෙළඳපොළේ අලෙවි කිරීම, පාරිභෝගික සෞඛ්‍යය දැඩි අවදානමකට ලක් කරන අතිශය බරපතළ තත්ත්වයකි.
මේ වන විට අදාළ සුපිරි වෙළඳසැල් ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, විමර්ශන අවසානයේදී ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මෙවැනි අනිවාර්ය ලේබල් තොරතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, මෙවැනි වංචනික සහ නීතිවිරෝධී ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු පවතී නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart