
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය Space X රොකට් සමාගම කොටස් වෙළෙඳපොළට නිකුත් කරමින් ලැබූ වාර්තාගත ජයග්‍රහණයත් සමඟ එලොන් මස්ක් පසුගිය සිකුරාදා ලොව ප්‍රථම ‘ට්‍රිලියනපතියා’ (ඩොලර් බිලියන 1,000 ඉක්මවූ ධනවතෙක්) බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් තැබීය.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ටෙස්ලා සහ ස්පේස්-එක්ස් සමාගම්වල නිර්මාතෘවරයා වන මස්ක්ගේ මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.11ක් (බ්‍රිතාන්‍ය පවුම් බිලියන 828ක්) දක්වා ඉහළ ගොස් ඇත.
මේ හරහා ඔහු ලොව ධනවත්ම මිනිසා ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් ස්ථාවර කරගෙන තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා වූයේ, ඔහුගේ රොකට්, විදුලි සංදේශ සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණික සමාගම ඩොලර් ට්‍රිලියන 2.2ක දැවැන්ත අගයක් සහිතව Nasdaq කොටස් වෙළෙඳපොළෙහි ලියාපදිංචි වීමත් සමඟය.
සමාගමේ එක් කොටසක් ඇමරිකානු ඩොලර් 135 බැගින් නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වූයේ ඩොලර් 150ක අගයකිනි.
අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ අනාගත ව්‍යාපාරික විභවයන් සහ ඉලොන් මස්ක් සතු සමාගම් කෙරෙහි ආයෝජකයන් තුළ ඇති ඉහළ උනන්දුව පෙන්නුම් කරමින්, එම කොටස්වල අගය සුළු මොහොතකට ඩොලර් 176.50 දක්වා ද ඉහළ ගියේය.
පසුව සිකුරාදා දින වෙළෙඳපොළ කටයුතු අවසන් වන විට ස්පේස්-එක්ස් කොටසක මිල ඩොලර් 161ක් ලෙස සටහන් විය.
සිකුරාදා දින විවෘත කොටස් වෙළෙඳපොළට පිවිසීමට ප්‍රථම, ස්පේස්-එක්ස් සමාගමේ ප්‍රථම මහජන කොටස් නිකුතුව IPO හරහා ආයෝජකයන් සහ කොටස් සහතිකකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 75ක මුදලක් රැස් කර ගැනීමට ද හැකිව තිබිණි.
ස්පේස්-එක්ස් සමාගම තුළ සියයට 42ක කොටස් අයිතියක් ඉලොන් මස්ක් සතු වන අතර, එමඟින් සමාගමේ සියලු තීරණ තනිවම ගැනීමේ පරම බලය ඔහුට හිමි වේ. ඒ අනුව, ආයෝජනය කෙරෙන මුදල් තමන්ට රුචි පරිදි ඕනෑම කාර්යයක් සඳහා යෙදවීමේ හැකියාව ද ඔහු සතුය.
බ්ලූම්බර්ග් වාර්තාවලට අනුව, සිකුරාදා කොටස් වෙළෙඳපොළ වසා දමන විට ස්පේස්-එක්ස් සමාගමෙහි ඔහු සතු කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 767.1ක් වූ අතර, ඔහු සතුව තවත් ඩොලර් බිලියන 53.8ක ස්පේස්-එක්ස් කොටස් මිලදී ගැනීමේ අයිතීන් පවතී.
මීට අමතරව, ඔහු සතුව ටෙස්ලා සමාගමේ ඩොලර් බිලියන 168ක කොටස් සහ තවත් ඩොලර් බිලියන 116.4ක ටෙස්ලා කොටස් මිලදී ගැනීමේ අයිතීන් ද පවතින බව සඳහන් වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart