
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නට එරෙහිව වහාම විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
නීතිය පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතවන සිවිල් ක්‍රියාකාරිකයෙකු වන හෝකන්දර උතුර පදිංචි එස්. එම්. එන්. නන්ද කුමාර විසින් ඊයේ (12) මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත.
අධිකරණය හමුවේ පවතින නඩුවක සාක්ෂි විකෘති කරමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම, අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ මහජන කැළඹීමක් ඇති කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
පැමිණිලිකරු පවසන්නේ, 2026 ජූනි මස 09 වැනිදා සිරස ටීවී නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වූ ‘සටන’ දේශපාලන සංවාද වැඩසටහනට සහභාගී වෙමින් සංජීව එදිරිමාන්න විසින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවයි.
එහිදී හිටපු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ, ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා රඳවා තබාගෙන සිටින අවස්ථාවේදී ඔහුට ‘අමානුෂික විදියට පහරදීම් සහිතව’ ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් වන බවයි.
කෙසේවෙතත්, අදාළ නිල අධිකරණ වෛද්‍ය වාර්තාවේ එවැනි කිසිදු අමානුෂික පහරදීමක් හෝ වධ හිංසාවක් සිදු වූ බවට සඳහන් වී නොමැති බවත්, හිටපු මන්ත්‍රීවරයා වගකිවයුතු මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් නිල වාර්තාවක නොමැති කරුණු හිතාමතාම නිර්මාණය කර සජීවී මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කර ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.
සංජීව එදිරිමාන්නගේ මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවේ පවතින අපරාධ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නීතියට අනුව බරපතළ දණ්ඩනීය වරදක් බව පෙන්වාදෙන පැමිණිලිකරු, ඒ යටතේ උල්ලංඝනය වී ඇති නීතිමය ප්‍රතිපාදන ද පෙන්වා දී ඇත.
ඒ අනුව,
– ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියේ ප්‍රකාරව, අධිකරණ පාලනය කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදය හෝ කලකිරීම ඇති කිරීමට කටයුතු කිරීම සහ අධිකරණයේ පවතින නිල වාර්තා විකෘති කරමින් සමාජය නොමඟ යැවීම සම්බන්ධයෙන්,
– ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 485 වන වගන්තිය ප්‍රකාරව, රාජ්‍ය ආරක්ෂක ප්රධානියකුට වධ හිංසා පැමිණ වූ බවට අසත්‍ය පුවත් පතුරුවමින්, මහජන සාමය කඩවන සුලු සහ ආරක්ෂක අංශවලට එරෙහිව පොළඹවන සුලු අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්,
– ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තියේ දැක්වෙන්නේ, අධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන්, එහි වෛද්‍ය වාර්තා විකෘති කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සාධාරණ නඩු විභාගයකට බාධා පැමිණවීම සම්බන්ධයෙන්,
– දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වන වගන්ති (ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම): අධිකරණ ක්‍රියාවලියකදී භාවිත වන වැදගත් ලේඛනයක අන්තර්ගතය සම්බන්ධයෙන් ව්‍යාජ තත්ත්වයක් සමාජය තුළ ඇති කිරීම සම්බන්ධයෙන්, අදාළ පැමිණිලිකරු විමර්ශනයක් ඉල්ලා ඇත.
මෙම ප්‍රකාශය අඩංගු සිරස විවි නිල සජීවී යූටියුබ් සබැඳිය සහ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් ගොනුවක් ද පැමිණිලිකරු විසින් සාක්ෂි වශයෙන් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
එබැවින් එම වීඩියෝ පට සහ අදාළ නඩුවේ සැබෑ JMO වාර්තාව සසඳා බලා, මහජන සාමය කඩකිරීම, අසත්‍ය පුවත් ප්‍රචාරය, අධිකරණ පරිපාලනයට අපහාස කිරීම සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්නට එරෙහිව වහාම විමර්ශනයක් ආරම්භ කර නිසි අපරාධමය සහ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නන්ද කුමාර සිය පැමිණිල්ලෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart