
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත්වුණා.
ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන ‘Prime Marina’ දියත් කිරීමත් සමඟයි.
ශ්‍රී ලංකාවේ නව මූල්‍ය හා ව්‍යාපාරික හදවත වන Port City, Colombo හි, මනරම් සාගර තීරයට සහ යාත්‍රාංගනයට සෘජුවම මුහුණලා ඇති භූමියේ මෙම සුවිශේෂී උත්සවය පැවැත්වුණා.
එදින රාත්‍රියේ මුළු කොළඹ අහසම ආලෝකමත් වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඉදිරිපත් කෙරුණු අති දැවැන්ත 3D Animated Drone සංදර්ශනයෙන්.
කොළඹ නගරයටම ඉතා පැහැදිලිව දර්ශනය වන පරිදි ඩ්‍රෝන යානා සිය ගණනක් අහසේ විවිධ රටා මවද්දී, ඊට සමගාමීව නෙළුම් කුලුන ‘Prime Marina’ සන්නාම වර්ණවලින් හැඩ වී තිබුණා.
එමෙන්ම මනස්කාන්ත ගිනිකෙළි සංදර්ශනයකින්ද Port City, Colombo ආලෝකමත් වුණා.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට මෙන්ම විදේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ සුවිශේෂී ආරාධිත අමුත්තන් 1,500කට අධික පිරිසක් සහභාගී වී සිටියා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව විකුණුම් වාර්තාවක් ද සනිටුහන් කරමින් ‘Prime Marina’ ව්‍යාපෘතියේ නිවාස ඒකක 400කට වඩා මේ වනවිටත් විකිණී අවසන්.
ගෝලීය මට්ටමේ උසස්ම ප්‍රමිතියෙන් ඉදිවන ‘Prime Marina’ වෙත ආයෝජනය කිරීම, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා අනාගතයට තැබිය හැකි හොඳම ආයෝජනයක් වනු නොඅනුමානයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart