June 13, 2026

පේදුරුතුඩුව, දකුණු පුලෝලි ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටීමෙන් හයහැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු අතුරුදන්ව ඇති බවට සිකුරාදා (12) රාත්‍රියේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශේෂ සෙවීම් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එලෙස සිදුකළ සෙවීම් මෙහෙයුම අතරතුරදී, දරුවාගේ නිවස අසල පිහිටි ළිඳක් තුළ තිබී මෙම දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දකුණු පුලෝලි ප්‍රදේශයේම පදිංචිව සිටි 6 හැවිරිදි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.