
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාරිකයකුගේ නිරුවත් වීඩියෝ දර්ශන රහසිගතව ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය වෙත සහ ඔහුගේ බිරිඳ වෙත මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන තරුණ යුවළක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තලවතුගොඩ ප්‍රදේශයේ හෝටල් කාමරයක රැඳී සිටියදී මෙලෙස පොලිස් දැලට හසුවී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
අදාළ ව්‍යාපාරිකයා සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි අවස්ථාවේදී සැකකරුවන් විසින් හොර රහසේම ඔහුගේ නිරුවත් දර්ශන වීඩියෝ කර ඇත.
පසුව සැකකාරිය විසින් අදාළ ව්‍යාපාරිකයාගේ වට්ස්ඇප් අංකයට එම නිරුවත් වීඩියෝ පට යවා තිබේ.
එම දර්ශන ඔහුගේ බිරිඳට පෙන්වන බවට සහ සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට බියගන්වමින් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත.
සැකකරුවන්ගේ තර්ජන හමුවේ බියට පත් වූ ව්‍යාපාරිකයා, අවස්ථානුකූලව ඔවුන් ලබා දුන් බැංකු ගිණුමකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් බැර කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, මෙම ජාවාරම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුව සැකකාර යුවළ හෝටල් කාමරයේදීම කොටුකර ගැනීමට සමත් ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart