
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය නිල රාජකාරි ඉටු කිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන්, අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයකු කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂිකරුවකු ලෙස නොකැඳවන බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට වැඩිදුරටත් දැනුම්දුන්නේ, මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට ඉදිරියේදී කිසිදු පියවරක් නොගන්නා බවයි.
එමෙන්ම අදාළ අතිරේක සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව සංශෝධනය කර විනිසුරුවරයාගේ නම ඉන් ඉවත්කිරීමට කටයුතු කරන බවටද ඔහු එහිදී පොරොන්දු විය.
සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයකු සිය නිල රාජකාරි කාලය තුළ ලබා දුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අධිකරණයට කැඳවා ප්‍රශ්න කිරීම වැළැක්වීම සඳහා කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීති වෘත්තිකයන් තිදෙනකු වන ජනාධිපති නීතිඥ උදිත ඊගලහේවා, ජනාධිපති නීතිඥ ෆාමන් කාසිම් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.
මෙවැනි ක්‍රියාවන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් වන බව ඔවුහු සිය පෙත්සම මඟින් පෙන්වාදුන්හ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග, නීතිපතිවරයා සහ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටියහ.
ලබාදුන් කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල, අදාළ රිට් පෙත්සමට අදාළ කටයුතු අවසන් කිරීමට පියවර ගත්හ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සනත් විජේවර්ධන ඇසෝසියේට්ස් ආයතනයේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරු වන රොමේෂ් ද සිල්වා, ඉක්රාම් මොහොමඩ්, මනෝහාර ද සිල්වා, රොහාන් සහබන්දු, සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් පෙනීසිටියහ.
අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart