
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින බටහිර ආසියානු (මැදපෙරදිග) ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික පසුබෑමට මුහුණ දීම සඳහා රටවලට උපකාර කිරීම පිණිස ඇමරිකානු ඩොලර් බිලියන 4ක මූල්‍ය ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.
මේ සඳහා නිල වශයෙන් සහය ඉල්ලා ඇති රටවල් 15 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා ප්‍රකාශ කළේ, මෙම මූල්‍ය පැකේජයට ශ්‍රී ලංකාව ඇතුළු බලපෑමට ලක් වූ රටවල් විසින් ඉල්ලා ඇති ඩොලර් බිලියන 3ක පමණ ආධාර සහ අත්‍යවශ්‍ය බලශක්ති මෙන්ම ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා සහය වීමට තවත් ඩොලර් බිලියන 1ක වෙළඳ මූල්‍ය පහසුකම් ඇතුළත් වන බවයි.
“මැදපෙරදිග ගැටුම හේතුවෙන් මූල්‍ය පීඩනය, විදේශ ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරය මෙන්ම ඉන්ධන සහ පොහොර සැපයුම අඩාල වීම ඇතුළු විවිධ බලපෑම්වලට ලක්ව ඇති රටවලට සහය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඉතා වේගයෙන් සහ පුළුල් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා.
මෙවැනි දැඩි අවිනිශ්චිතතාවයක් සහ අවදානමක් පවතින කාලයක, අපගේ සාමාජික රටවල ආර්ථිකයන් සහ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය කාලෝචිත සහ ගැලපෙන සහය ලබාදීමට අපි සතු සියලුම අර්බුද කළමනාකරණ මෙවලම් භාවිත කරනවා. ඒ අතරට අයවැය සහය, වෙළඳ මූල්‍යකරණය සහ දැනට පවතින ව්‍යාපෘති අරමුදල් කඩිනමින් වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්රතිපාදනය කිරීමේ නව ක්‍රමවේදයන්ද ඇතුළත්,” යැයි සභාපතිවරයා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවට අනුව, කලාපය පුරා බලපෑමට ලක් වූ රජයන් 15කින් මේ වන විට සහය ඉල්ලා නිල ඉල්ලීම් ලැබී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ෆීජි සහ පිලිපීනය ඒ අතර වේ.
මෙම රටවල් ඉල්ලා ඇති සහාය ඇමරිකානු ඩොලර් මිලියන 15 සිට ඩොලර් බිලියන 1.5 දක්වා පරාසයක පවතින අතර, ප්‍රතිපත්ති මත පදනම් වූ ණය, ආර්ථික පසුබෑමට ඔරොත්තු දීමේ මූල්‍ය පහසුකම්, හදිසි ආධාර ණය සහ දැනට පවතින රාජ්‍ය අංශයේ ව්‍යාපෘති අරමුදල් කඩිනමින් නැවත වෙන් කිරීම් ඒ යටතට අයත් වේ.
මීට අමතරව, මෙම ගැටුම හේතුවෙන් දිගින් දිගටම ආර්ථික බලපෑම්වලට මුහුණදෙන තවත් රටවල් හතරක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේය.
මේ අතර, ඉන්දියාවද තම ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට, නාගරික පරිවර්තනයක් ඇති කිරීමට සහ පිරිසිදු බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාරයක් ඉල්ලා ඇත.
යෝජිත එම පැකේජයට නාගරික යටිතල පහසුකම් සහ ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් බිලියනයක ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් සහ සූර්ය බලශක්ති සංවර්ධනය වේගවත් කර දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 500ක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart