
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම බණ්ඩාරවෙල ශාඛාවේ සිදු වූ වැටළීම සම්බන්ධයෙන් සමාජයේ ඇතිව තිබෙන කතාබහ පිළිබඳව පැහැදිලි කරමින් ‘බැරිස්ටා ශ්‍රී ලංකා’ (Barista Sri Lanka) ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහිදී ඔවුන් අවධාරණය කරන්නේ, ආහාර සුරක්ෂිතතාව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ නීතිමය රෙගුලාසිවලට අනුකූල වීම තම ජාතික සන්නාමයේ ප්‍රමුඛතම වගකීමක් වන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද වැටළීමකදී, කල් ඉකුත්වීමේ කාලය කෙටි නිෂ්පාදන කිහිපයක් සහ ලේබල් කිරීමේ දෝෂ සහිත භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබිණි.
ඒ අතර කුකීස් (Cookies) 6ක්, මුදවපු කිරි කෝප්පයක්, කොච්චි සහ පෙස්ටෝ සෝස් පැකට් කිහිපයක් මෙන්ම සීනි පැකට් කිහිපයක් ද වූ බව සමාගම පවසයි.
මීට අමතරව, රැගෙන යෑම සඳහා (Take away) තනි තනිව ඇසුරුම් කරන ලද කේක් කෑලිවල දින ලේබල් කිරීම සම්බන්ධයෙන් ද එහිදී ගැටලු මතු වී ඇත.
අදාළ ශාඛාව තුළ නියමිත පටිපාටීන් නිසි පරිදි අනුගමනය කර නොමැති බව පිළිගන්නා බැරිස්ටා සමාගම, කල් ඉකුත්වන දින නිතිපතා පරීක්ෂා කිරීම සහ ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය ඉවත් කිරීම තම අභ්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අනිවාර්ය කර ඇති බව පෙන්වාදෙයි.
“දිවයින පුරා පවතින අපගේ ශාඛා 89කට අධික සංඛ්‍යාව තුළම මෙම ප්‍රමිතීන් එකලෙස සහ අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම සැමවිටම අප සතු බව අප පිළිගන්නවා. මේ වන විට අපගේ කළමනාකාරීත්වය සහ මෙහෙයුම් කණ්ඩායම් බණ්ඩාරවෙල පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වී මෙම කරුණු නිරාකරණය කර ගැනීමටත්, අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීමටත් කටයුතු කරමින් සිටිනවා” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම සිදුවීම තම ආයතනයේ ඉදිරි පියවර සඳහා “ඇස් ඇරවීමක්” වූ බව පවසන සමාගම, ශාඛා මට්ටමින් වගවීම සහ දෛනික පරීක්ෂාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි. දිස්ත්‍රික්ක 16ක් පුරා දිනකට 18,000කට අධික පාරිභෝගිකයන් පිරිසකට සේවා සපයන බැරිස්ටා ආයතනය, ඉහළම ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික විශ්වාසය රැකගැනීමට නිරන්තරයෙන් කැපවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart