
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් සභා මැතිවරණයක් ආසන්නයේ රජයේ ප්රසම්පාදන ක්රියාවලියෙන් බැහැරව දකුණු පළාත් සභා මන්ත්රීවරුන් වෙත පුටු බෙදාහරිමින් මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටි දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරාගම අද නියෝග කළේය.
ඒ අනුව, එක් සැකකරුවකුට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකු මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා, ඔවුන් දෙදෙනාටම විදේශගතවීම් තහනමක්ද පැනවීය.
මීට අමතරව ඇප මත සිටින කාලය තුළ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් සභාව වෙත ඇතුළු වීමද සැකකරුවන්ට තහනම් කර තිබේ.
කෙසේවෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු ලබන ජූනි මස 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට ඇති බව අල්ලස් කොමිසම අද අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart