June 12, 2026

2017 මාර්තු 10 කාත්තන්කුඩි, අල්ලියාර් හන්දියේ සිදු වූ ගැටුමෙන් පසු සහරාන් හෂීම්ට වරෙන්තු නිකුත් කෙරිණි. එහෙත් සහරාන් කිසිදු අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වූ බවක් වාර්තාවල නැත.

සහරාන් එතැනින් පන්නද්දී, ඔහුගේ සහෝදරයා ෂයිනි ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූහ. මේ පිරිස ය, මඩකලපු බන්ධනාගාරයේදී පිල්ලෙයාන් හමුවන්නේ.

ඒ අත්අඩංගුවට පත්වූ පිරිසට ඇප ගන්නට ගියේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ය. ජනාධිපති නීතිඥවරයාට එසේ තමන්ට අවශ්‍ය සේවාදායකයකු වෙනුවෙන් විවෘත අධිකරණයේ පෙනීසිටීමට කිසිදු ගැටලුවක් නැත. එය ඔහුගේ අයිතියකි.

ගැටලුව ඇත්තේ දැනට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් සහරාන් කොළඹ සිට අධිකරණයට ගෙන ගිය බවක්, සහරාන් වෙනුවෙන් පෙනී සිටි බවක් කියන කතාවේ ය.

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා නම නොකියා පාර්ලිමේන්තුවේදී මේ කතාව කිව්වේය. තවත් අය තවත් තැන්වලදී ද, ෆේස්බුක් හි මේ කියන නීතිඥවරයා අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර බව ඡායාරූප සහිතව ද සඳහන් විය.

එහෙත්,
සහරාන් අධිකරණයට ඉදිරිපත් වූ බවක් මීට අදාළ කිසිදු වාර්තාවක නැත.

එසේම,
නීතිඥ හර්ෂණ නානායක්කාර සහරාන් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි බවක් ද කිසිදු වාර්තාවක නැත.

මේ ආකාරයට,
කිසිදු වාර්තාවක සඳහන් නොවන කරුණු සමාජගත කරමින් සත්‍ය අනාවරණය වීම වැලැක්වීමේ හෝ අවධානය වෙනතක යැවීමේ උත්සාහයන්වලත්;
2026 පෙබරවාරි 25 සිට 2026 ජුනි 04 තෙක් කිසිදු කලබලයක් නැති තත්ත්වයක් යටතේ සුරේෂ් සලේට අත්අඩංගුවේ සිටීමට සිදුවීමෙන් පසු, ජුනි 04දා ගෝඨාභය රාජපක්ෂ, කර්නල් අන්සාරි, උදලාගම විදෙස් ගමන් තහනමත් සමග හැදූ කලබලයේත් ;
ඉලක්කය එකක් ම ය !

(ජනමාධ්‍යවේදී ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙන්)