
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2026 වාර්ෂික වාර්තාවට අනුව, ඉන්දියාව සතු න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 180 සිට 190 දක්වා ඉහළ දමා ඇත.
මේ වන විට පාකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල් න්‍යෂ්ටික අවි ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා පසුපසින් සිටියි.
SIPRI ආයතනය පෙන්වා දෙන්නේ, ඉන්දියාව සිය දිගුකාලීන ආරක්ෂක පිළිවෙත වෙනස් කරමින්, ඉතිහාසයේ පළමු වරට සාමකාමී කාලසීමාවක් තුළදී ද න්‍යෂ්ටික යුද ශීර්ෂ 12ක් වහාම භාවිත කළ හැකි පරිදි (deployed) සක්‍රීයව තබා ඇති බවයි.
මීට පෙර ඉන්දියාවේ සාමාන්‍ය සිරිත වූයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ, ඒවා දියත් කරන බැලිස්ටික් මිසයිල පද්ධතිවලින් වෙන් කර වෙනම ගබඩා කර තැබීමයි.
ඒ අනුව, මේ වසරේ ජනවාරි මාසය වන විට ඉන්දියාව සතුව වහාම ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පවතින න්‍යෂ්ටික යුද ශීර්ෂ 12ක් සහ ගබඩා කර ඇති යුද ශීර්ෂ 178ක් පවතින අතර, සමස්ත න්‍යෂ්ටික අවි තොගය 190කි.
මෙය යුද ශීර්ෂ 170ක් සතු පාකිස්ථානය අභිබවා යාමකි. කෙසේ වෙතත්, යුද ශීර්ෂ 620ක් සතු චීනයට වඩා ඉන්දියාව තවමත් පසුපසින් සිටියි.
ලොව පුරා පවතින සමස්ත න්‍යෂ්ටික අවි ප්‍රමාණය රටවල් නවයක් අතර කේන්ද්‍රගත වී ඇති අතර, ඉන් පුලුල් ආන්තිකයකට හිමිකම් කියනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි. ඔවුන් සතු න්‍යෂ්ටික අවි තොග අනෙක් රටවලට වඩා අතිමහත් බහුතරයකින් ඉහළ අගයක් ගනී.
ලොව විශාලතම සමස්ත න්‍යෂ්ටික අවි සංචිතය පවතින්නේ රුසියාව සතුව වන අතර, එම සංඛ්‍යාව 5,420ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
ඉන් රුසියානු හමුදාව සතු සක්‍රීය න්‍යෂ්ටික තොගය 4,400ක් වන අතර, ඉන් 1,796ක්ම වහාම භාවිත කළ හැකි පරිදි සක්‍රීයව ස්ථාපනය කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ද රුසියාවට ඉතා ආසන්නයෙන් පසුවන අතර, ඔවුන් සතු සමස්ත න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 5,042කි.
එයට හමුදාව සතු න්‍යෂ්ටික තොග 3,700ක් ඇතුළත් වන අතර, ඉන් 1,770ක්ම වහාම භාවිත කළ හැකි මට්ටමේ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart