
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය සඳහා ප්‍රමිතිකරණයෙන් තොර ප්ලාස්ටික් උපකරණ මෙන්ම බඳුන් බහුලව භාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිය දැඩි කනස්සල්ල පළකර තිබේ.
මේවාට දිගුකාලීනව නිරාවරණය වීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු රැසක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දනී විතාන ප්‍රකාශ කළේ, ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදනවලින් මුදාහැරෙන හානිකර ද්‍රව්‍ය කාලයත් සමඟ මිනිස් සිරුරට ඇතුළු විය හැකි බවයි.
විශේෂයෙන්ම උණුසුම් ආහාර සහ පාන වර්ග ගබඩා කිරීමට හෝ පිළිගැන්වීමට ප්ලාස්ටික් බඳුන් භාවිත කරන විට මෙම තත්ත්වය වඩාත් දරුණු වන බව ඇය පෙන්වා දුන්නාය.
එදිනෙදා භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, ආහාර බඳුන් සහ ඇසුරුම් ද්‍රව්‍ය හරහා ‘මයික්‍රොප්ලාස්ටික්’ (Microplastics) ලෙස හැඳින්වෙන අන්වීක්ෂීය ප්ලාස්ටික් අංශු මෙන්ම ‘බිස්ෆෙනෝල් ඒ’ (BPA) වැනි විෂ රසායනික ද්‍රව්‍ය ද ආහාර සහ පානීය ජලයට මුසුවිය හැකි බව ඇය සඳහන් කළාය.
වෛද්‍ය විතානට අනුව, මෙම විෂ ද්‍රව්‍ය ශරීරය තුළ එකතු වී, රුධිර සංසරණ පද්ධතිය හරහා මොළය, අක්මාව සහ වකුගඩු වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයන් වෙත ගමන් කර ඒවාට දිගුකාලීන හානි පමුණුවිය හැකිය.
මීට අමතරව, මෙම තත්ත්වයට දිගින් දිගටම නිරාවරණය වීම හේතුවෙන් හෘද වාහිනී රෝග, හෝමෝන අසමතුලිතතාවයන්, සාරවත්භාවය ආශ්‍රිත (වඳභාවය වැනි) ගැටලු, කල්පවතින බෝ නොවන රෝග සහ ඇතැම් පිළිකා වර්ග වැළඳීමේ අවදානම ඉහළ යා හැකි බවට ද ඇය අනතුරු ඇඟවූවාය.
එබැවින් ප්ලාස්ටික් භාවිතය නිසා ඇතිවන මෙවැනි සෞඛ්‍ය අවදානම් අවම කර ගැනීම සඳහා, ආහාර පිසීමට සහ ගබඩා කිරීමට මැටි, ලෝහ, වීදුරු සහ සෙරමික් බඳුන් වැනි ආරක්ෂිත විකල්ප වෙත යොමුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart