June 11, 2026

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ බණ්ඩාරවෙල, ප්‍රධාන වීදියේ පිහිටි ‘රත්න ට්‍රේඩ් සෙන්ටර්’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 200,000 ක (ලක්ෂ දෙකක) දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රුපියල් 255 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ ආනයනික කීරි පොන්නි සම්බා සහල් කිලෝග්‍රෑමයක්, රුපියල් 280 ක මුදලකට (කිලෝග්‍රෑම් 2ක් රුපියල් 560 කට) අලෙවි කරමින් එක් කිලෝවකින් රුපියල් 25 ක අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදු කර නඩු පවරා ඇත.

අධිකරණය හමුවේ අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකරුට මෙම දඩ මුදල නියම කෙරිණි.