
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල’ (Rebuilding Sri Lanka Fund) නමින් අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල’ යනු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට ලබා දී ඇති නමක් පමණක් බවත්, එම ගිණුමට ලැබෙන සියලුම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැරවන බවත්ය.
මෙම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල’ නිල වශයෙන් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගනිමින් සිටින බවත්, අදාළ පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා නීති කෙටුම්පත්කරු වෙත යොමුකර ඇති බවත් අමාත්‍යවරයා සභාවට දැනුම්දුන්නේය.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම අරමුදල සම්බන්ධයෙන් සමාජය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ මහජනතාව මෙයට ආධාර උපකාර කිරීම වැළැක්වීමේ චේතනාවෙන් බව ද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ, මෙම අරමුදලට ලැබෙන මුදල් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවන බැවින්, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එම කිසිදු මුදලක් පරිහරණය කිරීමට නොහැකි බවයි.
එමෙන්ම, ‘ඩිට්වා’ ආපදා තත්ත්වයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන්කරන ලද රුපියල් බිලියන 500ක මුදල පවා මේ වන තෙක් සම්පූර්ණයෙන් උපයෝගී කරගෙන නොමැති බවද සභානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart