
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාමාන්‍ය ලෙස ඉහළ ලාභාංශ පොරොන්දු වෙමින් මහජනතාව ආකර්ෂණය කරගන්නා විවිධ වතු වගා ආයෝජන ව්‍යාපෘති (Plantation Investment Schemes) සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවයි.
මෙවැනි ආයෝජන දීමනා බොහොමයක් වංචනික ඒවා විය හැකි බව මහ බැංකුව පෙන්වාදෙයි.
මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කරන්නේ, මෙවැනි වතු වගා වංචාවන් බොහෝ විට පදනම් වන්නේ කිසිසේත්ම ලබා දිය නොහැකි ව්‍යාජ පොරොන්දු මත බැවින්, ඕනෑම මුදල් ගෙවීමක් කිරීමට පෙර එම ආයතනවල විශ්වාසනීයත්වය තහවුරු කරගන්නා ලෙසයි.
විශේෂයෙන්ම පහත සඳහන් ලක්ෂණ සහිත ආයෝජන ක්‍රම පිළිබඳව දැඩි ලෙස සලකා බලන ලෙස මහබැංකුව උපදෙස් දෙයි:
* කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට සහතික වීම.
* අස්වැන්න පාලුවුවද (වගාවන් විනාශ වුවද) අඛණ්ඩව ලාභ ලබාදෙන බවට පොරොන්දු වීම.
* ආයතනයේ හිමිකරුවන් හෝ පවත්වාගෙන යන්නන් පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගැනීමට අපහසු වීම.
සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී තිබීම හෝ උකස් බඩු තබන්නන්ගේ ආඥාපනත යටතේ ලියාපදිංචි වී තිබීම පමණක්, මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට ලැබුණු නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බව ද මහබැංකුව අවධාරණය කරයි.
එබැවින්, මෙවැනි ආයෝජනයන් සිදුකිරීමට බලාපොරොත්තු වන පිරිස් අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ ලබාදෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ යුතු අතර, බලපෑම් මත කඩිනමින් මුදල් තැන්පත් කිරීමෙන් වැළකිය යුතුය.
එමෙන්ම, අදාළ ව්‍යාපෘතියට අයත් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය පරීක්ෂා කිරීම සහ ආයෝජනය කිරීමට පෙර අදාළ රාජ්‍ය බලධාරීන්ගෙන් විමසා සිටීම අත්‍යවශ්‍ය වේ.
“යම් ආයෝජන ක්‍රමයක මෙවැනි අනතුරු ඇඟවීමේ ලක්ෂණ පවතී නම්, එය වතු වගා ආයෝජන වංචාවක් විය හැක. එබැවින් ආයෝජනය කිරීමට පෙර සැමවිටම සියල්ල තහවුරු කරගන්න,” යැයි මහ බැංකුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart