
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථාන ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඉන්දියාව දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, එරට සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීම සඳහා අඛණ්ඩව මානුෂීය ආධාර සහ සංවර්ධන සහයෝගිතාව සැපයීමට නවදිල්ලිය නිරන්තරයෙන් අවධානය යොමු කර සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇෆ්ගනිස්ථානය පිළිබඳ පැවැති රැස්වීමකදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත පර්වතනෙනි හරීෂ් සිදුකළ ප්‍රකාශ පිළිබඳව සතිපතා මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මේ බව කියා සිටියේය.
ඇෆ්ගන් ජනතාවට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කිසිදු වෙනසක් වී නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සේවා සහ ඖෂධ ආධාර සැපයීමේ මුලපිරීම් හරහා ඉන්දියාව අඛණ්ඩව ඇෆ්ගනිස්ථානයට සහයෝගය දක්වන බවත්, මීට අමතරව එරට වැසියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ නිපුණතා සංවර්ධන අවස්ථා අඛණ්ඩව ලබාදීමට පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart