
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෘහ සේවක ක්ෂේත්රය නියාමනය කිරීමේ නව පියවරක් ලෙස, ගෘහ සේවකයන් බඳවා ගැනීම අනුමත රටවල් 10කට පමණක් සීමාකිරීමටත්, තවත් රටවල් 27කින් සේවකයන් බඳවාගැනීම තහනම් කිරීමටත් කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහජන ශ්‍රම බලකා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිරීක්ෂණ සහ නිර්දේශ පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
නව නියෝගයට අනුව, ගෘහ සේවකයන් බඳවාගැනීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිත්‍රියාව, ඉතියෝපියාව, වියට්නාමය සහ නේපාලය යන රටවලින් පමණි.
මීට අමතරව සෙනගාලයෙන් ද සේවකයන් බඳවාගත හැකි නමුත්, එය පිරිමි සේවකයන් සඳහා පමණක් සීමා වේ.
මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලීන් කුවේට් රාජ්‍යයේ පළාත් පාලන මට්ටමින් සිදුකෙරෙනු ඇත.
පදිංචි වීසා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු සහ සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති මෙම චක්‍රලේඛය, යාවත්කාලීන කිරීමෙන් පසුව බලාත්මක වී ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
මෙම තීරණය යටතේ ගෘහ සේවකයන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් 27ක ලේඛනයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
ඊට ආසියානු කලාපයට අයත් මැඩගස්කරය සහ භූතානය ඇතුළත් වේ.
මීට අමතරව කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, ටෝගෝ, මලාවි, චැඩ්, ජිබුටි, නයිජර්, ගිනි, ගිනි-බිසව්, කේප් වර්ඩ්, සියෙරා ලියොන්, ලයිබීරියාව, මාලි, බුර්කිනා ෆාසෝ, ගැම්බියාව, කැමරූන්, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ජනරජය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, රුවන්ඩාව, බුරුන්ඩි සහ ඇන්ගෝලාව යන අප්‍රිකානු රටවල් ද මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත්, ඇතැම් රටවල් සඳහා මෙම සීමාවන් බලපානු ලබන්නේ කාන්තා ගෘහ සේවිකාවන්ට පමණක් වන අතර, එම රටවලින් පිරිමි සේවකයන් බඳවාගැනීමට තවදුරටත් අවසර පවතී.
නව පරිපාලන ක්‍රියා පටිපාටි සහ පාලන ක්‍රමවේද හරහා කුවේට් රාජ්‍යයේ ගෘහ සේවා ක්ෂේත්රයේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ එය විධිමත් කිරීම මෙම යාවත්කාලීන කරන ලද නීති රීතිවල ප්‍රධාන අරමුණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart