
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුන් වහන්සේලාගේ විනය සුරක්ෂිත කොට ශාසන පරිහානිය වළක්වා ගැනීම සඳහා සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන් වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් එම වෑයම සාර්ථක කර ගැනීම සඳහා කිසිවෙකුගේ සහය නොලැබුණු බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිටි නමුත් එම ආණ්ඩු කිසිවකින් ඊට සහාය නොලැබුණු නිසා සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමූ බවත්, දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වලක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බවත් උන්වහන්සේ කීහ.
සමගි ජනබලවේගය මගින් පැවැත්වීමට නියමිත සඝ සමුළුව සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල ඊයේ (08) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
සංඝ කතිකාවත සකස්කිරීම සඳහා මල්වතු මහානායක නිල ආරමයේදී නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් එහි ප්‍රතිපල දැන් දකින්නට ලැබෙන බවත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා මත පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඝ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, ඒ සම්බන්ධ සියලු විස්තර දැනුම් දීම සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරි දිනක මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇති බවත් පැවසුවාය.
මිහිදු මහාරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ මෙරට සංස්කෘතිය බුදුදහම හා බද්ධ වී පෝෂණය වූ බවත් මේ වනවිට සැලසුම් සහගතව මහා සංඝරත්නය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් දකින්නට ලැබෙන බවත් කී මන්ත්‍රිනී කිරිඇල්ල, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහා සඟ සමුළුවක් පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබෙන ද ප්‍රකාශ කළාය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් තීරණ කරනු ඇතැයිද ඇය කීවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart