
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රවල ලකුණු කැපීමේ (Demerit System) නව ක්‍රමවේදය ලබන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද ප්‍රකාශ කළේය.
මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදයෙන් තොරව රියදුරන් තුළ විනයක් ඇති කළ නොහැකි බව හෙතෙම පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පසුගිය වසර තුළ මෙරට සිදුවූ මාර්ග අනතුරුවලින් මරණ 2,750ක් වාර්තා වී ඇති බවත්, ඉන් මරණ 1,000ක්ම යතුරුපැදිකරුවන්ගේ වන අතර තවත් මරණ 1,000ක් පදිකයන්ගේ මරණ වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.
“මාර්ග අනතුරුවලින් සිදුවන මරණවලින් වාහනවල ගමන් ගත් මගීන් ලෙස වාර්තා වී ඇත්තේ සාමාන්‍යයෙන් මරණ 650ක් වැනි සංඛ්‍යාවක් පමණයි. මාර්ග අනතුරු මරණ වළක්වා ගැනීමට නම් විනයගරුක රියදුරෙකු සිටීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොකර අපට විනයගරුක රියදුරෙකු බිහි කරන්න බැහැ,” යැයි ඔහු පැවසීය.
විවිධ වංචනික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය හඳුන්වා දීම මෙතෙක් ප්‍රමාද වී තිබූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart