
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ප්‍රදේශවල විදුලි වැටවල් ඉදිකිරීමේ අරමුණ අලින් මරාදැමීම නොව, ඔවුන් ගම්වැදීම වැළැක්වීමයි. යම් හෙයකින් මෙම විදුලි වැටවල්වල ගැටීමෙන් අලින් මියයන්නේ නම්, එය ඉතා බරපතළ තත්ත්වයක්,” යැයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය ප්‍රකාශ කළේය.
වනජීවී ප්‍රදේශවල ඉදිකර ඇති නීතිවිරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඒවා ඉවත්කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා මේ බව අවධාරණය කළේය.
අලි ඇතුන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී අධිකරණය පෙන්වා දුන්නේ, මෙම විදුලි වැටවල් වනජීවීන්ට මාරාන්තික තර්ජනයක් නොවන පරිදි, සතුන් පළවා හැරීමට පමණක් උපකාරී වන උපරිම වෝල්ටීයතා සීමාවන් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන් පියවර ගතයුතු බවයි.
එහිදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ෂේමන්ති දුනුවිල අධිකරණයට දන්වා සිටියේ, විදුලි වැටවල් ඉදිකිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ විෂය පථයට අයත් වන්නක් බවත්, එවැනි වැටවල් ස්ථාපනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඍජු දායකත්වයක් නොමැති බවත්ය.
එමෙන්ම අලි-මිනිස් ගැටුමට අදාළ නඩු කිහිපයක් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බැවින්, එම නඩු කටයුතුවල ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට ඇය තවදුරටත් කල් ඉල්ලා සිටියාය.
කෙසේවෙතත්, එහිදී ප්‍රශ්නයක් යොමුකළ විනිසුරු අබේසූරිය , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය අවශ්‍ය වන ක්‍රමවේදයක් හරහා විදුලි වැටවල් ස්ථාපනය කිරීම නියාමනය කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළේය.
දීර්ඝ කාලයක සිට පවතින මෙම අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික සහ තිරසාර විසඳුමක් සෙවීම සඳහා සියලුම පාර්ශ්වයන් සාමූහිකව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කල්පනී දිසානායක අධිකරණය හමුවේ තර්ක කරමින් කියා සිටියේ, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පෙන්වා දෙමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම මඟින් මෙම පෙත්සමෙන් මතුකර ඇති ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් ලැබී නොමැති බවයි.
නීතිවිරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමට බලධාරීන් අපොහොසත් වීම සහ අනුමත වෝල්ටීයතා සීමාවන් ඇතුළු පැහැදිලි ප්‍රමිතීන් මෙතෙක් සකස් කර නොතිබීම පිළිබඳව මෙම පෙත්සම මඟින් විශේෂයෙන් අවධානය යොමුකර ඇති බව ඇය සඳහන් කළාය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, වැඩිදුර සලකා බැලීම ජූලි මස 09 වැනිදාට නියම කෙරිණි.
‘අලි ඇතුන් ආරක්ෂා කිරීමේ සංගමයේ’ සභාපතිනී කේ. ප්‍රියදර්ශනී විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart