
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවය කළ සෙසු සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස විසින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.
ඒ අනුව, කල්පිටිය පොලිස් ස්ථානයේ රාජකාරි කළ නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදිත්, තවත් නිලධාරීන් 15 දෙනෙකු එළඹෙන ජූනි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිත් මාරුකිරීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2022.12.14 දිනැති අංක 2310/29 දරණ කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 258 (11) වගන්තිය ප්‍රකාරව මෙම මාරුවීම් ලබා දී ඇත.
මීට අමතරව, නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් 8 දෙනකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයේ වෙනත් ස්ථාන වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart