
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලන්ඩනයේ සුප්‍රසිද්ධ වෝටර්ලූ පාලම ඉතිහාසයේ පළමු වතාවට සුවිශාල ක්‍රිකට් පිටියක් බවට පරිවර්තනය කරමින්, අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ(ඉරිදා) ඉතාමත් උත්කර්ෂවත් අයුරින් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
එංගලන්තය සහ වේල්ස් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් 12 හිම නායිකාවන් මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ.
තේම්ස් නදියට ඉහළින් පිහිටි මෙම ඓතිහාසික පාලම මත පැවැත්වුණු “නායිකාවන්ගේ සැණකෙළිය” (Captains’ Carnival) සඳහා ලොව දක්ෂතම ක්‍රීඩිකාවන් පිරිසක් මෙලෙස එක්ව සිටීම කැපීපෙනිණි.
ලෝක කුසලානයට පෙර සියලුම කණ්ඩායම් නායිකාවන් 12 දෙනා ප්‍රසිද්ධියේ එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බිග් බෙන්, ශාන්ත පාවුළු ආසන දෙව්මැදුර සහ ලන්ඩන් අයි වැනි ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ සංකේත ඉදිරිපිට පැවැත්වුණු මෙම උත්සවය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වර්ධනය, දෘශ්‍යතාව සහ ආකර්ෂණය ලොවටම කියාපාන ප්‍රබල සංකේතයක් විය.
“මෙය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර, මෙතෙක් පැවැත්වුණු වඩාත්ම උද්යෝගිමත් සහ අභිලාෂකාමී අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මීට වඩා සුදුසු වෙනත් ක්‍රමයක් නැහැ. ජූනි 12 වැනිදා බර්මින්හැම්හිදී පළමු පන්දුව යැවීමට පෙර තරගාවලිය වටා ඇති උද්යෝගය තවදුරටත් ඉහළ නැංවීමට මෙය උපකාරී වනු ඇතැයි” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ශා පැවසීය.
තරගාවලිය ආරම්භ වීමටත් පෙරම මෙවර ප්‍රවේශපත්‍ර 200,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වී ඇති අතර, එය පෙර පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිවල වාර්තා සලකා බැලීමේදී වාර්තාගත ඉහළම අගයකි.
තවත් දින පහකින් තරගාවලිය ආරම්භ වන බැවින්, මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන සහ වැඩිම මාධ්‍ය අවධානයක් දිනාගන්නා කාන්තා ලෝක කුසලාන තරගාවලිය වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart