
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වෙත පැමිණෙන සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් නව විදුලි වාහන 10ක් උද්‍යානය වෙත ලබා දී තිබේ.
සම්පූර්ණයෙන්ම රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට අදාළ වාහන තොගය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නිල වශයෙන් උද්‍යාන බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.
උද්‍යාන නිලධාරීන් සඳහන් කළේ, මෙය උද්‍යානය තුළ බොහෝ කලක සිට පැවති ප්‍රවාහන අවශ්‍යතාවයකට ස්ථිර විසඳුමක් ලබාදීමක් බවයි.
මෙමඟින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ද පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරමින්, අක්කර ගණනාවක් පුරා විහිදුණු මෙම සුවිශාල උද්‍යාන පරිශ්‍රය ඉතා පහසුවෙන් නැරඹීමට අවස්ථාව සැලසෙනු ඇත.
දිනපතා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගන්නා පේරාදෙණිය උද්‍යානයේ සෑම ස්ථානයකටම ගමන් කිරීමේ ප්‍රවේශය වඩාත් පහසු කිරීමට මෙම විදුලි වාහන උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart