
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මර්දනකාරී නීති ආරක්ෂා කළ සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු වූ ඇතැම් පුද්ගලයන්ට, අද වන විට එම නීතිවලම ගොදුරු බවට පත්වීමට සිදුව ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ, පොලිස් සහ බන්ධනාගාර භාරයේ පසුවන කාලය තුළ වධහිංසා පැමිණවීම, ක්‍රූර, අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකීමේ සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වැනි නීති භාවිත කර ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තබා ඇති සම්පූර්ණ සටහනයි.
‘දීර්ඝ කාලයක සිට අප අතරින් පිරිසක්, අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) සහ හදිසි නීති රෙගුලාසි වැනි දරුණු හා මර්දනකාරී නීති අවභාවිත කිරීම අඛණ්ඩව හෙළා දැක ඇත. මිනිසුන් දීර්ඝ හා අනවශ්‍ය කාලසීමාවක් පුරා අත්අඩංගුවේ තබා ගැනීම සඳහා මෙම නීති අවභාවිත කර ඇති ආකාරය අප දැක තිබේ. පොලිස් සහ බන්ධනාගාර භාරයේ පසුවන කාලය තුළ වධහිංසා පැමිණවීම, ක්‍රූර, අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකීමේ සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා ද මෙම නීති භාවිත කර ඇත. අත්අඩංගුවේ තබා ගැනීම (රඳවා තබා ගැනීම) පිළිබඳ තීරණය ජනාධිපතිවරුන්, ඇමතිවරුන්, ලේකම්වරුන් හෝ පොලිස් නිලධාරීන් වැනි විධායක නිලධාරීන්ට පැවරීම වෙනුවට, නීතියට අනුව ක්‍රියාකරන විනිසුරුවරුන් වෙත පැවරිය යුත්තේ එබැවිනි.
මෙම මර්දනකාරී නීති ආරක්ෂා කළ සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු වූ ඇතැම් පුද්ගලයන්ට, අද වන විට එම නීතිවලම ගොදුරු බවට පත්වීමට සිදුව ඇත. මෙම නීති අහෝසි කරන ලෙස ඉල්ලා සිටි තවත් සමහරු, පසුව ඒවා ක්‍රියාත්මක කිරීමට සහ ඒවා මත යැපීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, පුද්ගලභාවය කුමක් වුවත්, කුමන චෝදනාවක් එල්ල වී තිබුණත්, සෑම පුද්ගලයෙකුටම මානව ගරුත්වය, නීතියේ රැකවරණය සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මඟින් සහතික කර ඇති නිදහස හිමිවිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති එම ආරක්ෂාවන් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න මත පදනම්ව වෙනස් විය නොහැක.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart