
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ බන්ධනාගාරවල සිටින රැඳවියන් 28,468 න් සියයට 50.3 ක් මත්ද්‍රව්‍ය හේතුවෙන් සිරගතව සිටින්නන් බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුර ජයරත්න පවසයි.
ඇතැම් බන්ධනාගාරවල මෙම අගය සියයට 65ක් බවත් හෙතෙම පෙන්වාදෙයි.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ‘ස්ථාවර රටකට සාමුහික මාවත’ තේමා කරගත් ජනමාධ්‍ය හමුවේදීය.
එහිදී ඔහු සදහන් කළේ, රැඳවියන්ගේ ආහාර වියදම සඳහා වසරකට රුපියල් බිලියන 3.9 ක් වැය වන අතර, මේ වනවිට බන්ධනාගාර පාරිපාලන විසින් වියදම පාලන කරගැනීමට උත්සහ දරන බවයි.
රජයට බරක් නොවී බන්ධනාගාර යවත්වාගෙන යෑමට නිතී පද්ධතියක් සකස් කිරීමට පිළිබඳ සාකච්ජා කිරීම ආරම්භ කර ඇති බවත්, බන්ධනාගාර පරිශ්‍ර තුළ කර්මාන්ත ශාලා ආරම්භ කර ඒ සඳහා රැදවියන් බඳවාගැනීමට පෙෳද්ගලික අංශයේ සමාගම් හතරක් කැමැත්ත පළකර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart