
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට අවුරුදු 36කට කළින්, ඒ කියන්නේ 1989 අවුරුද්දේ නේපාල රජය ලංකාවේ තමන්ගේ රට වෙනුවෙන් නිල තානාපති කාර්යාලයක් හදන්න කියලා ලොකු හීනයක් දැක්කා. ඒ හීනය හැබෑ කරගන්න කියලා එදා නේපාල රජය කොළඹින් අක්කර එකහමාරක වටිනා ඉඩමක් මිලදී ගත්තේ ඇමෙරිකානු ඩොලර් 360,000ක් (එදා හැටියට විශාල මුදලක්) යටකරලා.
හැබැයි ඉතින් සල්ලි දීලා ඉඩම ගත්තා මිසක්, ඒකේ තානාපති කාර්යාලය හදන්න නේපාලයේ ලොක්කන්ට එච්චර උනන්දුවක් තිබුණේ නැහැ. අන්තිමේදී තානාපති කාර්යාලය හැදුණෙත් නැහැ, ඉඩමට ආරක්ෂාවක් තිබුණෙත් නැහැ.
ඔන්න දැන් අවුරුදු ගාණකට පස්සේ මේ ඉඩමට වෙච්චි විනාශයක් ගැන නේපාලයෙන් සුපිරි ‘ගොසිප්’ එකක් කරළියට ඇවිත් තියෙනවා. නේපාලයේ 63 වැනි විගණකාධිපති වාර්තාවෙන් හෙළිකරලා තියෙන විදිහට, කොළඹ තියෙන මේ නේපාල රජයේ ඉඩම 1994 අවුරුද්දේදී පෞද්ගලික ගැනුම්කරුවන් පිරිසකට හොර රහසේම, එක පාරක් නෙවෙයි, දෙපාරක්ම විකුණලා!
නේපාල ජනමාධ්‍ය වාර්තා කරන විදිහට මේ මහාපරිමාණ ඉඩම් මංකොල්ලය සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි නේපාල නිලධාරීන්ගේ තියෙන අලසකම සහ දුර්වල පරිපාලනය. ඉඩම මිලදී ගත්තට පස්සේ ඒක නීත්‍යානුකූලව තමන්ගේ රට සතු කරගන්න අවශ්‍ය නීතිමය ලියකියවිලි හරියට සකස් කරගන්නවත්, ඉඩම නඩත්තු කරන්නවත් ඔවුන් පියවර ගෙන නැහැ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කූට ජාවාරම්කාරයෝ පිරිසක් තමයි මේ රාජ්‍ය තාන්ත්‍රිකමට්ටමේ ඉඩම පෞද්ගලික පුද්ගලයන්ට විකුණලා සල්ලි ගරාගෙන තියෙන්නේ.
මේ හොර ගනුදෙනුව නිසා දැන් නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ලොකු නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. නේපාල විගණකාධිපතිවරයා එරට රජයට තදින්ම අවධාරණය කරලා තියෙන්නේ, වහාම ක්‍රියාත්මක වෙලා මේ ඉඩමේ ඔප්පු තිරප්පු පරීක්ෂා කරලා, නීතිමය පියවරක් ගත්තේ නැත්නම් නේපාලයට තමන්ගේම කියලා තිබුණු මේ වටිනා ඉඩම සදහටම අහිමි වෙලා යනු ඇති බවයි.
කොහොමවුණත්, ලංකාවේ කොළඹින් නේපාල රජය ගත්ත මේ ඉඩම හොරට විකුණපු අන්තර්ජාතික ‘ලෑන්ඩ් සේල්’ ජාවාරම්කාරයෝ කවුද කියලා හොයන්න දැන් නේපාලයේ වගේම ලංකාවේ ආරක්ෂක අංශවලටත් ලොකු වැඩ කොටසක් පැවරෙන ලකුණු පේන්න තියෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart