
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, රජයෙන් තවත් රුපියල් බිලියන 100ක අතිරේක මුදලක් ඉල්ලා ඇති බව පවසමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ, ජාතික ගුවන් සේවය අඛණ්ඩව පාඩු ලබන පසුබිමක මෙලෙස රජයෙන් අතිරේක ප්‍රතිපාදන ඉල්ලා ඇති බවයි.
ගුවන් සමාගමේ නායකත්වය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී බරපතළ ප්‍රශ්න මතුකළේය.
වසර එකහමාරක පමණ කාලයක සිට ගුවන් සමාගමට ස්ථිර ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) නොමැති බවත්, දැනට එය සභාපතිවරයකු පවා නොමැතිව සමාගම පවත්වාගෙන යන බවත් ඔහු අනාවරණය කළේය.
රජය විසින් මීට පෙර පත්කරන ලද සභාපතිවරයෙකු සම්බන්ධයෙන් ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ (Conflicts of interest) පිළිබඳ ගැටලු පැනනැගී තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා, ගුවන් සමාගමේ ප්‍රධාන තනතුරු සඳහා සිදුකරන පත්වීම්වල විනිවිදභාවය පිළිබඳව ද ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කළමනාකරණය වන ආකාරය පිළිබඳව ජනතාවට පැහැදිලි පිළිතුරක් අවශ්‍ය බවත්, එහි අරමුදල් භාවිතය, පාලනය සහ නායකත්වය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් රජය මීට වඩා වගකීමෙන් බැඳී සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart