June 7, 2026

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (2026 ජුනි මස 06) දින උදෑසන මීගමුව ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පරීක්‍ෂාවකදී දඩයම් කිරීම සඳහා නීතියෙන් තහනම් කරන ලද මෝර මසුන් (Alopias vulpinus) කිලෝ ග්‍රෑම් 220 කට අධික තොගයක් අත්ට්‍රැක්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයන් දෙදෙනා, මෝර මත්ස්‍ය ‍තොගය සහ අත්ට්‍රැක්ටරය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී ඇත.