
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්රයේ කීර්තිමත් ‘FIA ෆෝමියුලා 3’ (FIA Formula 3) තරගාවලියේ මෙල්බර්න් නුවර පැවැති පළමු වටයෙන් පසුව, මෙවර එහි සුවිශේෂී ‘මොනාකෝ’ (Monaco) තරග වටය සඳහා ප්‍රථමවරට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් මෙම සති අන්තයේදී ඉතිහාසයට එක්වීමට සූදානම් වෙයි.
‘AIX රේසිං’ (AIX Racing) කණ්ඩායම නියෝජනය කරන 18 හැවිරිදි යෙවාන්, මෙම ඓතිහාසික වීදි ධාවන පථයට (Street Race) පිවිසෙන්නේ ඔස්ට්‍රියාවේ ‘රෙඩ් බුල් රින්ග්’ (Red Bull Ring) පථයේ පැවැති පුහුණු සැසි, සිමියුලේටර් (Simulator) තාක්ෂණය ඔස්සේ ලැබූ පූර්ව සූදානම මෙන්ම සිය උසස් පෙළ විභාග කටයුතු ද සමබරව පවත්වා ගනිමිනි.
‘FIA ෆෝමියුලා 3’ තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන යෙවාන් ඩේවිඩ් සඳහන් කළේ, මොනාකෝ ධාවන පථය එහි පටු ස්වභාවය, ඉස්සර කිරීමට ඇති සීමිත අවස්ථා සහ තරගය අතරතුර පථයේ ඇතිවන දැඩි වෙනස්වීම් හේතුවෙන් සමස්ත මෝටර් රථ ක්‍රීඩාවේම පවතින දැවැන්තම අභියෝගයක් වන බවයි.
“මොනාකෝ පථයේදී උපරිම වේගයට සමානවම, රියදුරා සතු ආත්ම විශ්වාසය සහ නිවැරදි ඉලක්කය ඉතාමත් වැදගත් වෙනවා,” යැයි පැවසූ යෙවාන්, මෙම සති අන්තය වෙනුවෙන් තමන් සිමියුලේටර් පුහුණු කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකළ බව ද ප්‍රකාශ කළේය.
ෆෝමියුලා 3 නිල තරග දින දර්ශනයට අනුව මෙම මොනාකෝ තරග වටය ජුනි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි ‘ස්ප්‍රින්ට්’ (Sprint Race) තරගය සෙනසුරාදා ද, ප්‍රධාන ‘ෆීචර්’ (Feature Race) තරගය ඉරිදා ද පැවැත්වීමට නියමිතය.
මෙම සුවිශේෂී තරගයේදී යෙවාන් ඩේවිඩ් ෆෝමියුලා 1 ඉතිහාසයේ මොනාකෝ පථයේ නොමැකෙන වාර්තා තැබූ අසහාය ධාවන ශූර අයිර්ටන් සෙනාට (Ayrton Senna) උපහාර පිදීමක් වශයෙන් විශේෂයෙන් සැලසුම් කළ ආරක්ෂිත හිස්වැස්මකින් සැරසී තරග වැදීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart