
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල අවසන් මහා තරගය පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ ලෝක ටෙනිස් පිටියට නවමු බලාපොරොත්තුවක් එක් කරමිනි.
එහිදී 19 හැවිරිදි නවක ක්‍රීඩිකා මීරා ඇන්ඩ්‍රීවා (Mirra Andreeva) ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ තමන් සතු කරගැනීමට සමත්වූවාය.
ඇන්ඩ්‍රීවා, අවසන් මහා තරගයේදී පෝලන්තයේ මායා ච්වලින්ස්කා (Maja Chwalinska) වට 2-0ක් ලෙස පරාජය කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළාය. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 6-3ක් සහ 6-2කි.
මෙම අවසන් මහා තරගය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ක්‍රීඩා විලාසයන් සහ පසුබිම් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අතර පැවැත්වුණු තියුණු සටනක් විය.
රුසියානු ජාතික මීරා ඇන්ඩ්‍රීවා වයස අවුරුදු 15 සිටම ලෝකයේ අවධානය දිනාගත්, අනාගතයේදී අනිවාර්යයෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් දිනාගනු ඇතැයි අනාවැකි පළ කෙරුණු ක්‍රීඩිකාවකි.
ප්‍රකට ටෙනිස් පුහුණුකාරිනී කොන්චිටා මාර්ටිනෙස්ගේ (Conchita Martinez) මගපෙන්වීම යටතේ ක්‍රීඩා කළ ඇය, මෙම වසරේදී සිය පරිණතභාවය මනාව ප්‍රදර්ශනය කළාය.
මේ අනුව ඇය 1992 වසරේදී මොනිකා සෙලෙස්ගෙන් පසුව ප්‍රංශ විවෘත කිරුළක් දිනූ ලාබාලම ක්‍රීඩිකාව බවට පත්වූවාය.
අනෙක් අතින්, ඇය සමඟ තරග වැදුණු පෝලන්තයේ මායා මෙම තරගාවලියට පිවිසියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 114 වැනි ස්ථානයේ පසුවූ ඇය, සුදුසුකම් ලැබීමේ වට (Qualifier) හරහා ප්‍රධාන තරගාවලියට තේරී පත්වූවාය.
එහෙත් සුපිරි ක්‍රීඩිකාවන් රැසක් පරාජය කරමින් ඇය අවසන් මහා තරගය දක්වා පැමිණියේ ප්‍රංශ විවෘත ටෙනිස් ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු ‘කොලිෆයර්’ ක්‍රීඩිකාව වෙමිනි.
අවසන් මහා තරගයේ ආරම්භක වටයේදී ක්‍රීඩිකාවන් දෙදෙනාම දැඩි පීඩනයකින් සහ නොසන්සුන්කාරී ස්වභාවයකින් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබිණි.
ච්වලින්ස්කා සිය සුපුරුදු ‘ඩ්‍රොප් ෂොට්’ (Drop shots) උපක්‍රම භාවිත කරමින් ඇන්ඩ්රීවාට තර්ජනයක් එල්ල කිරීමට උත්සාහ කළද, ඇන්ඩ්‍රීවා සිය ප්‍රබල පසුපස ප්‍රහාර (Baseline shots) මගින් තරගයේ පාලනය තමන් සතු කරගත්තාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart