June 6, 2026

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ මහාමාර්ගයේ සිටින වීදි සුනඛයන්ට පොලු මුගුරුවලින් පහර දෙමින් සහ යතුරුපැදියකින් යටකිරීමට උත්සාහ කරමින් සත්ව හිංසාව සිදුකළ බවට චෝදනා ලැබූ බැංකු විධායක නිලධාරිනියක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ සේවය කරන විශ්වවිද්‍යාල උපාධිධාරිනියක බව පොලිසිය පවසයි.

පසුගිය වෙසක් පොහොය දින රාත්‍රියේ සහ අලුයම් කාලයේදී ඇය විසින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාවන් ප්‍රදේශයේ සවිකර තිබූ ආරක්ෂිත (CCTV) කැමරාවල සටහන්ව තිබූ අතර, ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.