
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ඉඩම් ලේඛන, හොර ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කරමින් සිදුකරගෙන ගිය මහාපරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක් වටළා ඊයේ (05) සිකුරාදා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
මෙම වැටළීමේදී, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට (ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය) අයත් ඔප්පු පිටපත් අඩංගු මුල් ලිපිගොනු දෙකක්, ඉඩම් ගනුදෙනුවලට අදාළ ව්‍යාජ ලේඛන, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04ක්, විවිධ රාජ්‍ය ආයතන හා නිලධාරීන්ට අයත් ව්‍යාජ නිල මුද්‍රා 600කට ආසන්න සංඛ්‍යාවක් සහ මෙම හොර ලේඛන සකස් කිරීම සඳහා භාවිත කළ ඉලෙක්ට්‍රොනික උපකරණ රැසක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මීට අමතරව, මෙම අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද, රුපියල් ලක්ෂ 15 ක (මිලියන 1.5) මුදලක් සහ තවත් දේපළ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීමෙන් පසු අනාවරණය වූ තොරතුරු මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඩෙල්කන්ද ප්‍රදේශයේදී මෙම ජාවාරමට සම්බන්ධ තෙවැනි සැකකරු ද අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 54, 55 සහ 59 යන වයස්වල පසුවන බොරැල්ල, දික්වැල්ල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart