
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන දේශසීමා හරහා සිදුවන ඔන්ලයින් සූදුව සහ විදුලි සංදේශ වංචා මැඩලීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඒකාබද්ධ නීති බලාත්මක කිරීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
ගිනිකොනදිග ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති මෙවැනි මහාපරිමාණ ජාවාරම් සහ වංචා මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කිරීම සඳහා දෙරටම සමීපව කටයුතු කරමින් සිටී.
මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් බොහෝ විට මිනිස් ජාවාරම සහ වෙනත් බරපතළ අපරාධ සමඟ බද්ධ වී පවතින බැවින්, එමඟින් මහජන ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව තානාපති කාර්යාලය පෙන්වාදෙයි.
දේශසීමා හරහා සිදුවන සූදු ව්‍යාපාර සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ඉතා දැඩිය.
චීන ප්රාග්ධනය විදේශීය කැසිනෝ ශාලාවල ආයෝජනය කිරීම, චීන පුරවැසියන් ඒවා පවත්වාගෙන යාම සහ චීන ජාතිකයන් සූදුවට පොළඹවා ගැනීම එරට නීතියෙන් සපුරා තහනම් කර ඇත.
මෑතකදී චීන අපරාධ නීතියට ගෙන ආ සංශෝධන මඟින් දේශසීමා සූදු ක්‍රියාකාරකම් සාපරාධී වැරදි ලෙස නම්කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කළ වැටලීම් කිහිපයකදීම රටවල් කිහිපයක සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී වංචාවලට සම්බන්ධ චීන ජාතිකයන් පිරිසක් චීන බලධාරීන් වෙත භාර දී ඇති අතර, එය ජාවාරම්කරුවන්ට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබේ.
මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ, මුදල් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු ආගමන විගමන හා පොලිස් නිලධාරීන් ලබාදුන් සහයෝගය චීන තානාපති කාර්යාලයේ ඇගයීමට ලක්විය.
චීනය මීට පෙර ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය වැනි රටවල් සමඟ ද මෙවැනි ඒකාබද්ධ මෙහෙයුම් සිදු කර ඇත.
ඉදිරියේදී ද ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහ නීතිමය සහයෝගිතාව තවදුරටත් ගැඹුරු කරමින්, දේශසීමා අපරාධවලින් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සහ ලෝකයක් බිහි කිරීමට කැපවන බව චීනය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart