
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමඟ යවනසුළු වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය අවධාරණය කරන්නේ, විනෝදාස්වාද උත්සවවලදී සංගීත ප්‍රසංග පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය සහ නොමඟ යවන සුලු ඒවා බවයි.
පසුගිය මැයි 31 වැනිදා චාවකච්චේරිය, නාවක්කුලි ප්‍රදේශයේ පැවැති ප්‍රසංගයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ගීත ගායනා කළ බවට චෝදනා එල්ල වූ කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ජුනි 2 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු එම ප්‍රසංගයේ ගීත දෙකක් සංස්කරණය කර, එල්.ටී.ටී.ඊ. සංවිධානය උත්කර්ෂයට නැංවෙන අයුරින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර ඇති බවයි.
එමෙන්ම, අදාළ තහනම් සංවිධානයට සහාය දක්වන අන්තර්ගතයන් ඇතුළත් කරමින්, අන්තර්ජාලය ඔස්සේ වඩාත් පුළුල් ලෙස ප්‍රචාරය කිරීමේ අරමුණින් මෙම පටිගත කිරීම් හිතාමතාම වෙනස් කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3(G) වගන්තිය යටතේ ජුනි 3 වැනිදා චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රටේ පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ බලාත්මක සියලුම නීතිවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව අවධාරණය කරන ශ්‍රී ලංකා පොලිසිය, සමාජ මාධ්‍යවල පළවන මෙවැනි අසත්‍ය ප්රචාරයන්ට නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart