June 4, 2026

2020 වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාලව සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.06.03 දින රාත්‍රී මීතොටමුල්ල රේල් පාර අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මරණකරු අවුරුදු 34 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා සැකකරුවන් අතර ඇති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.