
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිහින්තලේ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටි, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (03) පස්වරුවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මොවුන් 29 සහ 30 යන වයස්වල පසුවන මිහින්තලේ ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
මෙම සැකකරුවන්ට එරෙහිව දැනටමත් නඩු පවරා ඇති අතර, ඔවුන් අද (04) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
කෙසේවෙතත්, අද අලුයම් කාලයේදී මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් සිරකූඩුවේ අගුළ ගලවා මෙලෙස පළාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරුවන් පළාගිය බව මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් තහවුරු කර ඇති අතර, ඔවුන් යළි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart