June 3, 2026

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගොරකාදෙනිය ජල පවිත්‍රාගාරයේ මුරකුටිය තුළ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ එහි සේවය කළ තාවකාලික මුරකරු පේරාදෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වී මෙම වැටලීම සිදු කර ඇත.

පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.