
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව සහ පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ යන යුද නෞකා මෙන්ම ‘PNS/M Hangor’ සබ්මැරීනය ද පසුගිය ජුනි 01 වැනිදා කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
කොමාණ්ඩර් අයි. පී. පටිල්ෆෝර්ගේ (Commander IP Patilfor) අණදීම යටතේ පැමිණි ‘INS Airavat’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතාවක් වෙනුවෙන් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. මේ අතර පාකිස්ථාන නාවික බලඇණිය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සුදර්ශන සංචාරයක් මෙන්ම, නැවත අවශ්‍ය ද්‍රව්‍ය සපුරා ගැනීමේ අරමුණින් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුර, ඉන්දීය නාවික පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වෘත්තීයමය සහ සුහදතා වර්ධන වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිතය.
එමෙන්ම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔවුන් මෙරට ඓතිහාසික හා ප්රමුඛ පෙළේ සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමට ද සැලසුම් කර ඇත.
කොළඹ වරායට සේන්දු වූ පාකිස්ථාන නාවික බලඇණි සඳහා කැප්ටන් නියාමත් සයීඩ් ඛාන්, කැප්ටන් නදීර් මතීන් අෆ්රිඩි සහ කැප්ටන් උසෙයාර් ෆාරුක් යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් විසින් අණදෙනු ලබයි.
එම නෞකාවල සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද දිවයිනේ ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබේ.
“පාකිස්ථාන නාවික බලඇණිය දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී බටහිර මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වීමට නියමිතයි,” යැයි ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart