
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන 2027 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.
සියලුම තරග ආකෘතීන් ඇතුළත් පූර්ණ ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙම සංචාරය සංවිධානය කර ඇත.
මෙම සංචාරයට එක්දින ජාත්‍යන්තර තරග (ODI) 3ක්, විස්සයි20 ජාත්‍යන්තර තරග (T20I) 3ක් සහ ටෙස්ට් තරග (Test) 2ක් ඇතුළත් වේ.
තරගාවලිය ජනවාරි 16 වැනිදා නේපියර් හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වන අතර, පෙබරවාරි 16 වැනිදා හැමිල්ටන් හිදී අවසන් වන දෙවැනි ටෙස්ට් තරගයෙන් නිමාවට පත්වීමට නියමිතය.
නිල කාලසටහනට අනුව තරග පැවැත්වෙන දින, ක්‍රීඩාංගණ සහ ශ්‍රී ලංකා වේලාවන් (ලංකාවේ වේලාවෙන් පාන්දර සහ පෙරවරුවේ) පහත පරිදි වේ:
එක්දින ජාත්‍යන්තර තරගාවලිය (ODI Series)
පළමු එක්දින තරගය: ජනවාරි 16 – මැක්ලීන් පාර්ක්, නේපියර් (ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 04:30 ට)
දෙවැනි එක්දින තරගය: ජනවාරි 19 – බේසින් රිසර්ව්, වෙලින්ටන් (ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 04:30 ට)
තෙවැනි එක්දින තරගය: ජනවාරි 22 – ඔටාගෝ ඕවල් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය, ඩුනෙඩින් (ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 04:30 ට)
විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය (T20I Series)
පළමු විස්සයි20 තරගය: ජනවාරි 26 – හැග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච් (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11:30 ට)
දෙවැනි විස්සයි20 තරගය: ජනවාරි 29 – සැක්ස්ටන් ඕවල්, නෙල්සන් (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09:30 ට)
තෙවැනි විස්සයි20 තරගය: ජනවාරි 31 – සැක්ස්ටන් ඕවල්, නෙල්සන් (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06:30 ට)
ටෙස්ට් තරගාවලිය (Test Series)
පළමු ටෙස්ට් තරගය: පෙබරවාරි 04 සිට 08 දක්වා – බේ ඕවල්, ටවුරන්ගා (ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 04:30 ට)
දෙවැනි ටෙස්ට් තරගය: පෙබරවාරි 12 සිට 16 දක්වා – සෙඩන් පාර්ක්, හැමිල්ටන් (ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 04:30 ට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart