
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය, රංගල, උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබියදී සොයාගැනීමට රංගල පොලිසිය සමත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නැමැති ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවකි.
රංගල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද රහසිගත තොරතුරක් මත මෙම අපරාධය අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම අධිකරණ නියෝගයක් ලබාගනිමින්, වළදමා තිබූ තරුණියගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කර ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලී බණ්ඩාර සිදුකොට ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රංගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(සේයාරුව – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart