June 3, 2026

සිය මාස දෙකහමාරක් වයසැති දියණියව ළිඳට දැමූ බව කියන මවක් ඇල්පිටිය, කහදූව, තුඩුවෙගොඩ ප්‍රදේශයේදී අද (02) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

සැකකාර මව බිළිඳියව ළිඳට දැමීමෙන් අනතුරුව, තමන් දියණියව ළිඳට දැමූ බව පවසමින් කෑගසා ඇත.

එම ශබ්දය ඇසී වහාම ක්‍රියාත්මක වූ ඇයගේ සැමියා, ළිඳේ පාවෙමින් සිටි දියණියව වහාම ගොඩට ගෙන තිබේ.

පසුව අසල්වාසීන්ගේ ද සහය ඇතිව දරුවාව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන්ම බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

දරුවා දැමූ ළිඳ නොගැඹුරු එකක් වීම ද බිළිඳියගේ දිවි බේරීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

මේ වන විට රෝහල්ගත කර ඇති බිළිඳියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව ද ඇල්පිටිය පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.