
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මිල ගණන් ඉහළ ගියද, මෙම අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ දැනට ක්‍රියාත්මක වන නිල බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව පමණක් බවයි. එම ජාතික ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල වෙනස්වීමක් මත බස් ගාස්තු සංශෝධනය වීමට නම්, සිදු වූ මිල වෙනස සමස්තයක් ලෙස සියයට 4 කට වඩා වැඩි මට්ටමක පැවතිය යුතුය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“තෙල් මිල වැඩි වූ සැනින් බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ. බස් ගාස්තු වෙනස් වෙන්නේ නියමිත සමීකරණයට අනුවයි. ඒ අනුව සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර සිදු වූ ඉන්ධන මිල වැඩිවීම එම සියයට 4 සීමාව ඉක්මවා ගොස් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ.”
ඒ අනුව වත්මන් ඉන්ධන මිල සංශෝධනය හමුවේ වුවද, සාමාන්‍ය ජනතාවට පැවති බස් ගාස්තු යටතේම ගමන් පහසුකම් සලසා ගත හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart