
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ අයවැය යෝජනාවලට අනුව ප්‍රකාශයට පත් කෙරුණු ‘මිතුරු පුරවර’ සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ නගර 25ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ දෛනික කටයුතු පහසු කිරීම මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම කුඩා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ යටතේ දිවයින පුරා තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය බැගින් හඳුනාගෙන, එම සියලු කටයුතු 2026 වර්ෂය තුළදීම අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ‘මිතුරු පුරවර’ වැඩසටහනේ ආරම්භක අදියර යටතේ සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති නගර 23ක යෝජිත ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581ක මුදල ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන්කරවා ගැනීම පිණිස අමාත්‍යවරයා කළ යෝජනාවට ද මෙලෙස කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart