
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙසක් පුන් පොහෝ දින බලපත්ර නොමැතිව හිංසාකාරී ලෙස ත්රිරෝද රථයකින් ගවයකු ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු හැටන් පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් (31) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හැටන් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් හැටන් පරණ කොළඹ පාරේ රොතැස් ප්රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්රිරෝද රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර එහි පිටුපස අසුනේ සිටි දෙදෙනා ගවයා බිම දමා පාගාගෙන පැමිණි බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නාවලපිටිය, කැටබුලාව ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ගවයා ප්රවාහනය සඳහා යොදා ගත් ත්රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart