
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී අද (02) අලුයම සිදුකළ හදිසි වාහන පරීක්ෂාවකදී, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන රියදුරකු විසින් පොලිස් සැරයන්වරයකු අනතුරට ලක්කර පළායෑමේ පුවතක් අලවතුගොඩ පොලිසියෙන් වාර්තා වේ.
අද අලුයම 3.00 ට පමණ අකුරණ නගරයේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු වෑන් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
එහිදී වෑන් රථයේ රියදුරු සිය වාහනයේ ලියකියවිලි පැති කණ්ණාඩිය අසලින් පොලිස් නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.
කෙසේවෙතත්, ලේඛන පරීක්ෂා කරමින් සිටි මොහොතේදී රියදුරු අසුනේ සිටි පුද්ගලයා ක්ෂණිකව ක්‍රියාත්මක වී, ඉදිරිපස දොරේ වීදුරුව ඉහළට ඔසවා ඇත්තේ එහි සිටි පොලිස් සැරයන්වරයාගේ අතද වීදුරුවට හසුවන පරිදිය.
සැරයන්වරයාගේ අත වීදුරුවට සිරවී තිබියදීම රියදුරු විසින් වෑන් රථය අධික වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇත.
මේ හේතුවෙන් අත සිරවී සිටි පොලිස් සැරයන්වරයාද වෑන් රථය සමඟ මීටර් 30කට ආසන්න දුරක් පාර දිගේ ඇදී ගොස් තිබේ.
පසුව ඔහු මහපාරට ඇද වැටී තුවාල ලබා ඇති අතර, සැකකරු වෑන් රථයද සමඟ අඳුරේම පළාගොස් ඇත.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා අලවතුගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart