June 1, 2026

රුපියල හදිසියේ අවප්‍රමාණ වීම සහ එය නැවත යම් ප්‍රමාණයකින් අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව වගකිව යුතු බව පෙනෙන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම තත්වය හේතුවෙන් ආනයනකරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි.

එය රටේ සමස්ත ආනයනයටද බලපාන බව ඔහු පැවසුවේය.

”රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීලා අවිනිශ්චිතභාවයක් ඇති කරලා අද මුළු වෙළඳාම තුළම ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. වාහන ආනයනය කරන කෙනෙක් රුපියල් 345 ට 350 ට අරන් දැන් 330 ට අඩු වෙනකොට එයා ඒකෙ විදේශ විනිමය අනුපාතයේ ප්‍රශ්නය දරා ගන්න ඕනේ. ඉතිං මේ වගේ තත්වයක් ඇතිවුනහම මේක වෙළඳාමට ලොකූ ප්‍රශ්නයක් ඇති කරනවා.” යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහ බැංකුව වරින් වර ගන්නා තීරණ ප්‍රශ්න සහගත බවයි.